විවිධ කාර්මික දෝෂවලට ලක් ව පියාසර කටයුතුවලින් ඉවත් කර තිබූ ගුවන් යානා 08ක් සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය වසර දෙකක් තිස්සේ රුපියල් මිලියන 5,646.76ක බදු කුලී මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ.
එම ගුවන්යානා 24න් ද ගුවන් යානා 08ක් පසුගිය වසරේ අප්‍රේල් මස 20 වනදා දක්වා කාර්මික දෝෂ හේතුවෙන් භාවිතයෙන් ඉවත් කර තිබූ බව සිය විගණනය මගින් ජාතික විගණන කාර්යාලය පෙන්වා දි තිබේ.
ඒ අනුව එම ගුවන්යානා 08 සඳහා 2021 වසරේ සිට 2023 අප්‍රේල් මස 20 වනදා දක්වා වසර දෙකක ආසන්න කාලය තුළ මෙලෙස බදු කුලී ගෙවා ඇත. එම අගය ආසන්න වශයෙන් රුපියල් බිලියන 06කට ආසන්න වේ.