ගුවන් සේවිකා මට්ටමේ නිල ඇඳුමින් ලංගමයට කොන්දොස්තරවරියන්….!

September 22, 2025 at 4:47 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට හඳුන්වාදෙන ප්‍රතිසංස්කරණ යටතේ, අලුතින් බඳවාගන්නා කාන්තා රියැදුරුවරියන්ට හා කොන්දොස්තරවරියන්ට නව නිල ඇඳුමක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

ඒ අනුව, කාන්තා රියැදුරුවරියන්ට හා කොන්දොස්තරවරියන්ට ලබා දෙන එම නව නිල ඇඳුම ගුවන් සේවිකාවන්ගේ මට්ටමේ නිල ඇඳුමක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රියදුරන් 450 ක් හා කොන්දොස්තරවරුන් 300 ක් බඳවා ගැනීමට රජය තීරණය කර ඇති අතර, මේ නව පත්වීම්වලට රියැදුරුවරියන් හා කොන්දොස්තරවරියන් ද ඇතුළත් වන බවද, දැනට ඒ සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

හොඳ වැටුපක් සහ ආකර්ශනීය නිල ඇඳුමක් නොමැතිවීම හේතුවෙන් තරුණ පරම්පරාව ලංගමය වෙත සේවයට නොපැමිණෙන බවත්, ඔවුන් වෙත ලංගමය ආකර්ෂණීය තැනක් බවට පත් කර, බඳවා ගැනීමට උනන්දු කරවන බව අමාත්‍ය බිමල් රත්නායක වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *