පසුගියදා හදිසියේ මිනුවන්ගොඩ ප්‍රදේශයට කඩා වැටුණු ගුවන් හමුදා ගුවන් යානය පැරණි අබලන් යානයක් නොවන බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
ඔහු පෙන්වා දුන්නේ ආරක්ෂක ලේකම්වරයා මගින් ගෙන්වා ගත් විමර්ශන වාර්තාව අනුව තමන් එය තහවුරු කරගත් බවයි.
මෙම යානය පදවා ඇත්තේ පුහුණු වන පිරිසක් බවත් ඔවුන් අතින් වූ අත්වැරදීමක් නිසා මෙම අනතුර සිදුව ඇති බවත් ඇමති බිමල් රත්නායක ප්‍රකාශ කරයි.
පුහුණුවීම් අතරතුරු මෙවැනි සිදුවීම් සුලබ බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.