පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායක් වන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අලුතින් පත්වූ සභාපතිවරයා රු. හයලක්ෂ හැටඅට දහසක වැටුපක් ලබන බව කෝප් කමිටුවේදී අනාවරණය විය.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ගුවන්විදුලි සංස්ථාවේ මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රශ්න නැගීමත් සමගය.
පසුගිය ආර්ථික අර්බුද සමයේ ආයතනය පාඩු ලැබීමත් සමග එහි සේවකයන්ට වාර්ෂික බෝනස් ලබා දීම ඇතුළු වරප්‍රසාද 2021 වසරේ සිට නවතා දමා ඇති බවද මේ වන විට සංස්ථාවේ මාසික ලාභය රු. ලක්ෂ 12ක් බවද ප්‍රකාශ විය.
කෙසේ වුවද 2024 සැප්තැම්බර් මස වර්තමාන ආණ්ඩුව මගින් එහි සභාපති ධුරයට පත්කළ ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මෙම දුෂ්කර අවස්ථාවේ විශාල වරප්‍රසාද ලබමින් සිටින බවද අනාවරණය විය. එහි පසුගිය සමයේ හිටපු සභාපතිවරයෙකුගේ වැටුප රු. ලක්ෂයක් පමණ විය.