රටට ගෑස් ගෙන්වීමේ සහ බෙදාහැරීමේ ක්‍රියාවලියේ සිදුවන යම් ප්‍රමාදයක් නිසා ගෑස් හිඟයක් ඇති විය හැකි බව හිටපු කතානායක අශෝක රන්වල පවසයි.
එසේම හාල් බෙදාහැරීමේ ගැටලු නිසා හාල් හිඟයක් ඇති විය හැකි අතර එය මේ රටේ ජනතාවට පුරුදු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මෙම සුළු කරුණ පදනම් කරගෙන රට පුරා ගෑස් නැතැයි මතයක් නිර්මාණය කරන බවට හෙතෙම චෝදනා කරයි.
රජය එවැනි තත්ත්වයකට කිසිසේත් ඉඩ නොතබන බවත් මේ වන විටත් ගෑස් හිඟය පියවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද හිටපු කතානායකවරයා අවධාරණය කරයි.
ගම්පහදී ඊයේ (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අශෝක රන්වල මේ බව කීය.