2015 ජනවාරි 01 වන දා සිට 2021 ඔක්තෝබර් 30 වෙනිදා දක්වා කාලය තුළ මෙරටින් ගෑස් සම්බන්ධ පිපිරීම් 233ක් වාර්තා වී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.
එහි සැඟවීමට කිසිදු කාරණයක් නොමැති බවත් හෙතෙම ප්‍රකාශ කරයි.
එහෙත් පසුගිය සමයෙහි මෙම පිපිරීම් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් යාම ගැටලු සහගත බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
පාරිභෝගික අධිකාරිය මේ පිළිබඳ සොයා බැලීමට කටයුතු කරන බව ද ලසන්ත අලගියවන්න වැඩි දුරටත් සඳහන් කරයි.