ගහ මරා ගන්නේ පොහොට්ටු සජබ සහ එජාප පාතාළ කල්ලි….! – මහජන ආරක්ෂක ඇමති…

May 21, 2025 at 9:49 am | by emanisa.lk

මේ වන විට දිගින් දිගටම සිදුවන පාතාල වෙඩි තබා ගැනීම් සහ මරා ගැනීම් පසුපස දේශපාලන මැදිහත්වීම් සෘජුව සිදුවන බවට බුද්ධි අංශ විසින් තොරතුරු අනාවරණය කර ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය යන පක්ෂවල දේශපාලනඥයන් ප්‍රබල අපරාධ කණ්ඩායම් 10 ක් සමග සෘජු සම්බන්ධතා පවත්වන බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි ද ඔහු කීය.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරගෙන යන බව ද ඇමැතිවරයා පැවසීය.

සංවිධානාත්මක කල්ලි අතර ගැටුම් වර්ධනය වුවද එය රාජ්‍ය හෝ මහජන ආරක්ෂාවට තර්ජනයක් වී නැති බව ද වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

ඊයේ (20) පාර්ලිමේන්තුව අමතමින් ඇමති ආනන්ද විජයපාල මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *