විපක්ෂය විසින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනා වැඩි ඡන්ද 104කින් පරාජයට පත්විය.
එහිදී අදාළ යෝජනාවට විපක්ෂව ඡන්ද 153ක් හිමි වූ අතර පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 49කි.
බලශක්ති කලමනාකරණය පිළිබඳ ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල පැහැරහැරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබිණි.
මෙම විශ්වාසභංග විවාදය සිදුවන අවස්ථාවේ ජනාධිපති අනුර දිසානායක මහතාද පාර්ලිමේන්තුවට පැමිණ සිටීම විශේෂත්වයකි.