ගල් අඟුරු බාලද බලන්නේ මම හපලා නෙමෙයි… පාඩුව ජනතාව මත පටවන්නේ නෑමයි…! – ජනපති…

April 7, 2026 at 1:30 pm | by emanisa.lk

ගල් අඟුරු ප්‍රමිතියේ ප්‍රශ්නයක් ඇති බවත් එය ටෙන්ඩරයේ ගැටලුවක් නොව සපයන සමාගම නිවැරදි ගල් අඟුරු ලබා නොදීමේ ගැටලුවක් බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.

එම ගල් අඟුරු ප්‍රමිතිය පරික්ෂා කරන්නේ තමන් හෝ වෙන කිසිවෙකු හෝ ඒවා කෑමෙන් හෝ හැපීමෙන් නොවන බවත් ඒවා පර්යේෂණාගාරවලට යොමු කරන බවත් ඔහු පෙන්වා දෙයි.

එම ඇතැම් වාර්තා සමත් වුවද බලාගාරයේ විදුලිය නිෂ්පාදනයේදී අවශ්‍ය විදුලි නිෂ්පාදනය නොවන බව වාර්තා වී ඇතැයිද ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

කෙසේ වුවද ගල් අඟුරු බාල වීම නිසා විදුලිය නිෂ්පාදනය සඳහා ඩීසල් භාවිතය නිසා වැයවන අතිරේඛ මුදල එම සමාගමෙන් අනිවාර්යෙන්ම අයකරගන්නා බවද හෙතෙම අවධාරණය කරයි.

එම පාඩුව කිසිසේත් ජනතාව මත නොපටවන බවත් මෙය කොම්පැනිකාරයන්ගේ ආණ්ඩුවක් නොවන බවත් ප්‍රකාශ කරන ජනාධිපතිවරයා, එම දඩ මුදල නොගෙවුවහොත් නඩු මගට පිවිසෙන බවද ප්‍රකාශ කරයි.

අද (07) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *