ගල් අඟුරු ටෙන්ඩරය පිළිබඳ කිසිදු චෝදනාවක් ආණ්ඩුවට නොමැති බවත් නැව් හතක් ගෙන්වා ඩොලර් මිලියන දෙකක් දඩ ගසා ඇති බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
එහි නැව් දෙකක යම් ගැටලුවක් තිබූ බවත් 2014 වසරේ බාල ගල් අඟුරු නැව් 14ක් ප්‍රතික්ෂේප වූ බවත් ඔහු පෙන්වාදෙයි.
විපක්ෂය කතා කරන්නේ රට සුඛිත මුදිත කර ඩොලර්වලින් භාණ්ඩාගාරය පුරවා පාරේ යන විටත් සල්ලි මිටි අහුලාගෙන යන තැනට පත්කර මෙන් වුවද තමන් භාරගත්තේ බංකොලොත් රටක් බවද ඇමතිවරයා ප්‍රකාශ කරයි.
අම්මලා පුතාලා තාත්තලා බාප්පලා මහප්පලා මේ රටේ මහජන ධනය කොල්ලකෑ නිසා ජනතාව පරාජය කළ බවත් දැන් නඩු අසන්නට පටන් ගෙන ඇති නිසා බියට පත්ව නාමල් රාජපක්ෂ කෙඳිරිගාමින් ඇති බවත් ඇමති වසන්ත සමරසිංහ සඳහන් කරයි.