ගල් අඟුරුවලින් හොරකම් කළේ රාජපක්ෂලා… යෝෂිත ඕස්ට්‍රේලියාවෙන් ගෙවල් තුනක් ගත්තා…වැඩිම මිලට ගල් අඟුරු ගත්තේ පාඨලී…!

February 22, 2026 at 10:37 am | by emanisa.lk

ලංකා ගල් අඟුරු සමාගම ආරම්භ කළේ රාජපක්ෂලාට ආර්ථික වාසි ලබා ගැනීමට බව සිවිල් බුද්ධි පෙරමුණේ සභාපති සංජය මහවත්ත පවසයි.

එහි සභාපතිවරුන් පස්දෙනෙකුගේම උපන් දිනය 1984 එනම් රාජ කුමාරයාගේ උපන් වර්ෂය බවත් ඒ අනුව සිය සට්ටැඹියන්ට වරදාන ලබාදීමට මෙම ආයතනය භාවිත කළ බව තහවුරු වන බවත් ඔහු ප්‍රකාශ කරයි.

යෝෂිත රාජපක්ෂට ඕස්ට්‍රේලියාවෙන් මහල් නිවාස තුනක් මිලට ගැනීමට මේනක ලියනගේ නම් අයකු මුදල් යවා ඇති බවත් ඔහුද පෙර කී 84 කල්ලියේ අයෙකු බවත් සංජය මහවත්ත අනාවරණය කරයි.

එපමණක් නොව ගල් අඟුරු ටොන් එකක් සඳහා ඉතිහාසයේ වැඩිම මිලක් ගෙවා ඇත්තේ පාඨලී චම්පික රණවක ඇමතිවරයා බවටද හෙතෙම චෝදනා කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *