ගල්කිස්සේ පොලිස් පොඩ්ඩා යළි සේවයට වාර්තා කර නෑ….!

October 19, 2025 at 4:48 pm | by emanisa.lk

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ දී නීතිඥවරයෙකුට පහරදීමේ සිද්ධියට චෝදනා ලැබූ පොලිස් කොස්තාපල්වරයාට ගල්කිස්ස පොලිස් ස්ථානයේ සිට පිළියන්දල පොලිස් ස්ථානයට ස්ථාන මාරුවක් ලබා දී තිබු නමුත් ඔහු මේ දක්වාත් රාජකාරියට වාර්තා කර නොමැති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට අසනීප නිවාඩු වාර්තා කරමින් ඔහු මෙලෙස නිවාඩු ලබාගෙන ඇත.

මේ අතර නීතීඥවරයාගේ පැමිණිල්ලට අදාළව මෙම කොස්තාපල්වරයාගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත කැඳවීමක් සිදුකර ඇති බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *