ගමේ හැමෝම මාලිමා ශාඛා සමිතියට පැමිණිය යුතුයි… එහෙම නැතිව රට හදන්න බෑ…! – නි. අමාත්‍ය නලින් හේවගේ….

November 27, 2024 at 7:59 pm | by emanisa.lk

තමන් ආණ්ඩු බලය ලබා ගත්තේ 225ට රට ගොඩනැඟීය හැකි යැයි විශ්වාසයෙන් නොවන බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ පවසයි.

තමන් විශ්වාස කළේ සිය පක්ෂයට රට පුරා ගම්වල ශාඛා සමිති 13000ක් ඇති බවත් ලබන මස එය කැඳවන විට ගමේ සියලු දෙනා ඊට සහභාගී විය යුතු බවත් ඔහු අවධාරණය කරයි.

තව දුරටත් පක්ෂ පාට භේද තබා ගත යුතු නැති බවත් තම ආණ්ඩුව ද ජනතාවට සලකන්නේ පක්ෂ පාට භේද අනුව නොවන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.

සහනාධාර රැකියා ලබා දීමේ දී කිසිවෙකු තමන්ට පක්ෂ නැත්නම් විපක්ෂ ද යන්න කිසිසේත් නොසලකන බව නලින් හේවගේ ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *