පළාත් පාලන ආයතනවල හිටපු මන්ත්‍රීවරුන් කරකියාගත හැකි දෙයක් නොමැතිව ඉතාම අමාරුවෙන් විවිධ දේශපාලන පක්ෂවලින් ස්වාධීන කණ්ඩායම්වලින් මැතිවරණයට ඉදිරිපත්ව ඇතැයි ජාතික ජන බලවේග කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂිකා ව්‍රායි කැලී බල්තසාර් පවසයි.
ඇය පෙන්වා දෙන්නේ ගමේ ජනතාව රැවටී තමන්ට නැවත ඡන්දය ලබා දෙනු ඇතැයි විපක්ෂ කණ්ඩායම් සිහින දකිමින් ඇති බවයි.
එහෙත් කොළඹ හෝ ගමේ ජීවත් වන කිසිවෙකු නැවත රැවටිය නොහැකි බව ද ඇය අවධාරණය කරයි.
ජාතික ජන බලවේග පළාත් පාලන ආයතන ජනහමුවක් අමතමින් ව්‍රායි කැලී බල්තසාර් මේ බව කීවාය.