ගම්මන්පිලට ඕන දූෂිතයන් රකින්න…. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂට ගහන්නේ ඒකයි…! – ඇමති නලින්ද ජයතිස්ස…

October 9, 2025 at 9:54 am | by emanisa.lk

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක පත් කිරීම ව්‍යවස්ථා විරෝධී නම් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (08) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එකතු වෙමිනි.

තැන් තැන්වල විවේචනය කිරීම නොව නිසි ක්‍රමවේදය වන්නේ එය බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්වී යම්කිසි කාලයක් ගතව ඇති අතර මේ වන විට ඇතැම් විමර්ශන අවසන් වී අත්අඩංගුවට ගැනීම් සිදුවන පසුබිමක උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායම අල්ලස් කොමිසමට ගල් ගැසීම තුළ වෙනත් වුවමනාවක් ඇති බව පෙනෙන්නට තිබෙන බවට ද අමාත්‍යවරයා චෝදනා කළේය.

ගම්මන්පිල ඇතුළු කණ්ඩායමට අවශ්‍ය ඇත්තේ අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශන අඩපණ කර දූෂිතයන් ආරක්ෂා කිරීමට බව පැහැදිලිව පෙනෙන්නට ඇති බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *