ගනේමුල්ලේ සංජීව උසාවි ගෙනාවේ අධිකරණ නියෝග නැතිව…!

February 24, 2025 at 8:15 pm | by emanisa.lk

ගනේමුල්ලේ සංජීව පසුගියදා අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත්කර ඇත්තේ අධිකරණ නියෝගයකින් තොරව බව වාර්තා වෙයි.

සංජීවගේ නඩුව කැඳවූ අවස්ථාවේ ඇප තබන්නේ දැයි විනිසුරුවරිය ඔහුගෙන් විමසා ඇති අතර ඇප නොතබන සංජීව පවසා තිබේ.

එහි දී විනිසුරුවරිය අධිකරණ නියෝගයකින් තොරව සංජීව රැගෙන ආවේ ඇයිදැයි බන්ධනාගාර නිලධාරීන්ගේ විමසා ඇත.

ඒ අවස්ථාවේ නීතීඥ අසුනක රැඳී සිටි වෙඩික්කරු සංජීව අසලට පැමිණ වෙඩි තැබූ බව අද (24) එම නඩුව කැඳවූ අවස්ථාවේ ලබා දුන් ඇසින් දුටු සාක්ෂිවලින් අනාවරණය විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *