ගනේමුල්ලේ සංජීව ඝාතනයට ස්ත්‍රියක් සම්බන්ධ වන බවට නිශ්චිත තොරතුරක් නොලැබුණු බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.
එසේම කොළඹ අලුත්කඩේ අධිකරණයේ දී ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු නොලැබුණු බව ද හෙතෙම අවධාරණය කරයි.
කෙසේ වුව ද ඊට පෙර සතියේ ගම්පහ අධිකරණයට ගනේමුල්ලේ සංජීව ඉදිරිපත් කිරීමට තිබූ බවත් එහි දී තමා වෙත ලැබුණු තොරතුරු අනුව විනිසුරුතුමා දැනුම්වත් කොට එම නඩු කටයුත්ත වෙනස් කරගත් නිසා සිද්ධියක් ඇති නොවූ බවත් වැඩ බලන පොලිස්පතිවරයා ප්‍රකාශ කරයි.
අද (22) විශේෂ මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.