ගජ මිතුරු සංග්‍රහයට අනුව මටත් අධ්‍යක්ෂකමක් දෙන්න… ජාතික රෝහල් නි. අධ්‍යක්ෂගෙන් ආණ්ඩුවට ලිපියක්…!

July 11, 2025 at 10:48 am | by emanisa.lk

මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ ක්‍රියාත්මක වන ගජමිතුරු සංග්‍රහයට අනුව තමන්ට ද වැඩ ආවරණ පදනමින් රෝහල් අධ්‍යක්ෂ ධුරයක් ලබාදෙන්නැයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඉල්ලීමක් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඒ මහතා මෙම ඉල්ලීම කර තිබේ.

අදාල ලිපිය මෙසේය.

ලේකම්,
සෞඛ්‍ය අධ්‍යක්ෂක,
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් මගින්,
නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය සේවා 01 මගින්,
2025.07.07
වැඩ ආවරණ තනතුරක් ලබා ගැනීම සඳහා
මේ වනවිට මා ජ්‍යෙෂ්ඨ පරිපාලන ශ්‍රේණිය තනතුරක කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස ජාතික රාජ්‍ය සේවා කොමිෂමේ පත්වීමක් ලදව රාජකාරි කරනු ලැබේ.

අමාත්‍යංශයේ පසුගිය කාල වකවානුව පුරා පවතින ගජමිතුරු සංග්‍රහයට අනුකූලව නම් පුරප්පාඩුවක් පවතින අක්ෂි රෝහලේ හෝ ද සොයිසා කාන්තා රෝහලේ ද රාජකාරි ආවරණය සඳහා අධ්‍යක්ෂක තනතුරේ පත්වීමක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

එසේම කොළඹ අවට පවතින බන්ධනාගාර රෝහල් අධ්‍යක්ෂක ධූරය වුවද වැඩ ආවරණය කිරීමට කැමැත්ත පළකරමි.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන.
නියෝජ්‍ය අධ්‍යක්ෂ.

පිටපත්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය.
ලේකම් සෞඛ්‍ය කමිටුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *