ජනාධිපතිවරණය පැවැත්වීමටත් පෙර සමගි ජන බලවේගයේ අගමැති සටනක් ආරම්භ වී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙවර අගමැති පොරය සඳහා කරළියට පැමිණ ඇත්තේ ස.ජ.බ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නම සහ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ නමයි.
එම පක්ෂයේ විශාල මන්ත්‍රී පිරිසක් සජිත් ප්‍රේමදාස ජය ගතහොත් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා අගමැති ධුරයට පත්විය යුතු බව පවසන අතර තවත් මන්ත්‍රීන් කිහිප දෙනෙක් කිරිඇල්ල මහතාට සහාය පළ කරති.
ඒ අතර මේ දෙදෙනා අතර අනවශ්‍ය තරගයක් හටගතහොත් මෙම තනතුර වෙනත් බාහිර ජ්‍යෙෂ්ඨයකුට ලැබීමට ඉඩ ඇතැයි ද දැනගන්නට තිබේ.