ගං වතුර කළමානාකරණයට මෙතරම් වෙහෙසුණු නායකයෙක් ජීවිත කාලේම දැකලා නෑ…! – භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්….

November 29, 2025 at 11:49 am | by emanisa.lk

සිය ජීවිත කාලය තුළ විශාල ගං වතුර කිහිපයක්ම පසුකළ බවත් ඉතිහාසයේ කිසිදු රාජ්‍ය නායකයෙකු එම ආපදාව කළමනාකරණය කර ගැනීම සඳහා වර්තමාන ජනාධිපති අනුර දිසානායක මෙන් දිවා රෑ නොබලා වෙහෙසි වැඩ නොකළ බවත් මාධ්‍යවේදී භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් පවසයි.

“අපේ ජීවිතය ඇතුළේ අපි ගං වතුර කිහිපයක්ම පහු කළා. කිසිම අවස්ථාවක මෑත ඉතිහාසයේවත් ඈත ඉතිහාසයේවත් රාජ්‍ය නායකයා හැටියට ජනාධිපතිවරයා මෙහෙම ඇවිත් නොකා නොබී නොනිදා අඩුම තරමේ පුටුවේ ඉඳගන්නේවත් නැතිව ජනතාව මුහුණ දී ඇති ප්‍රශ්නය පිළිබඳ ඇත්ත සංවේදීතාවක් තමන්ගේ හදවත තුළ ඇති කරගෙන මැදිහත් වෙනවා අපි දැකලා නෑ.

අපි කීයට ඒ ගැන තොරතුරු විමසා බැලුවත් අහවල් තැන හිටගත් ගමන්ම රෑ 8-9 හිට ගත් ගමන් උදේ හතරේ විතර ඉඳලා හිටගෙන ඉඳලා ඉඳලා ඒ අතර විවිධ රැස්වීම් සාකච්ඡාවලට සම්බන්ධ වෙන අතර තමයි මේ මුළු වැඩේම නිරීක්ෂණය කරන්නේ. මහා බ්‍රහ්මයා වගේ වුණා නම් මේ මේ ආපදා ඇතිවීම වළක්වා ගැනීමේ හැකියාවක් තිබෙනවා මිසක එතනින් මෙපිට මේ ස්වාභාවික ආපදා වළක්වා ගන්න බෑ.”

ජනාධිපති අනුර දිසානායක මහතාගේ සමීපතම මිතුරෙකු වන ප්‍රංශයේ වෙසෙන භාරත ප්‍රභාෂණ මේ බව පවසා ඇත්තේ වීඩියෝවක් නිකුත් කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *