පෙර රජය සමයේදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ විසින් ගෙන එනු ලැබ, මහජන විරෝධය හමුවේ ප්‍රතික්ෂේප වූ ගංජා වගා ව්‍යාපෘතිය නැවත ඉදිරියට ගෙන යෑමට වත්මන් රජය කටයුතු කරන්නේ දැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රශ්න කරති.
ගංජා වගාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට එරෙහිව රටේ සිවිල් සංවිධාන සහ ආගමික නායකවරුන් දැඩි ලෙස විරුද්ධ වූ බවත්, එම ව්‍යාපෘතිය මහජන පිළිකුලට ලක් වූ බවත් සෝභිත හිමි සිහිපත් කරයි.
ගංජා වගා ව්‍යාපෘතිය වැනි ප්‍රතිපත්ති පෙර පැවති රජයට ඡන්ද අහිමි වීමට එක් හේතුවක් වූ බවත් වත්මන් පාලකයන්ට විශාල ඡන්ද ප්‍රමාණයක් හිමි වූයේ පසුගිය රජයේ පැවති ආණ්ඩුවේ අත්තනෝමතික වැඩ ප්‍රතික්ෂේප කිරීම නිසා බවත් උන්වහන්සේ අවධාරණය කරති.
වත්මන් රජය, මහජන පිළිකුලට ලක් වූ එවැනි වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වීම ඛේදජනක බව ද ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ අවධාරණය කළහ.
උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ඇඹිලිපිටියේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.