2019-2020 වර්ෂ සමග සංසන්දනය කිරීමේදී මේ වන විට ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් පරිභෝජනය 30% කින් පමණ අඩු වී ඇති බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසයි.
“තෙල්වල ඉතුරුවක් එනවා ලොකු. ඒක තවත් අර්ථවත් කරන්න අපි බැටරි තාක්ෂණයත් කරනවා. මොකද අපි පාවිච්චි කරන්නේ නෑ දවල්ට. ඒ ප්‍රශ්නෙත් තියෙනවා දැන්. අපිට හරියට ඉතුරු කරන්න නම් ස්ටෝරේජ් බැටරි අපිට හදා ගන්න වෙනවා. එතකොට තමයි අපිට ඒක ඉතුරුකරලා රෑට පාවිච්චි කරන්න වෙන්නේ. ඇත්තටම එතකොට තෙල් ඉතුරු කරන්නත් පුළුවන්.
දැනටමත් ඇත්තටම 2019 – 2020න් පස්සේ 30%ක් විතර ඛනිජ තෙල් පරිභෝජනය අඩු වෙලා තියෙනවා. එන්න එන්න ඕක අඩු වෙලා මටම අනිත් පැත්තට එනවා. මොකද ෂෙඩ් වලට ආදායම නෑ. බවුසර්වලට හයර් නෑ. ඒක අඩු වෙනකොට මේක වැඩි වෙනකොට ඒ ටිකත් මට එනවා. අපි දැන් තෙල් ෂෙඩ් වලට ලයිසන් දෙන එක අඩු කරලා තියෙනවා. බවුසර් වලටත් ලයිසන් දෙන එක අත්හිටවලා තියෙනවා.
හොඳ පැත්ත උස්සනකොට තව පැත්තක් වියදම් වැඩි පැත්ත අඩු වීම සමාන්‍ය දෙයක්. අපේ ටාගට් එක, ඒක තෙරුම් අරගෙන අපි ඕක දෙපැත්තම උස්සන්න ගියොත් මේක කොහේහරි ගැටිලා හොඳට කරන මනුස්සයක් තැලිලා පොඩි වෙලා විසික්වෙන එක තමයි තියෙන්නේ.”
බලශක්ති අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (27) මඩකලපුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.