කොළඹ ප්‍රදර්ශනය කළ සුපිරි වාහන වෙන්දේසි කළා ද බෙදා ගත්තා ද…?

October 22, 2024 at 5:54 pm | by emanisa.lk

2024 නැවත රඟදැක්වෙන්නේ 2015 සංදර්ශනය යුගයම බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

එදා බලයට පත් මෛත්‍රීපාල සිරිසේන නිදහස් චතුරස්‍රෙය් ජනාධිපති ධුරයේ දිවුරුම් දී එහි වියදම රු. 2500ක් යැයි ප්‍රකාශ කළ බව ද හෙතෙම කියයි.

පසුගියදා ජනාධිපති මන්දිරය අසල ප්‍රදර්ශනය කළ ලීටරයෙන් කිලෝ මීටර 4-5 දුවන සුපිරි වාහන වෙන්දේසි කළේ ද රට පැටෙව්වේද නැවත බෙදා ගත්තේ ද යන්න පැහැදිලි කළ යුතු බව ද ඔහු සඳහන් කරයි.

මෙවැනි ප්‍රදර්ශනවාදී කටයුතුවලින් ඔබ්බට ගොස් රටේ වියදම් සීමා කර ගනිමින් කටයුතු කරන්නේ නම් තමන් ඊට පක්ෂපාතී බව ද රෝහණ ලක්ෂ්මන් පියදාස අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *