කොළඹ නගර සභාවෙන් කෝටි 100ක බදු පොල්ලක්… ආණ්ඩුව අධිකරණයේ පිහිට පතයි….!

October 23, 2026 at 9:55 am | by emanisa.lk

කොළඹ මහ නගර සභාව විසින් රුපියල් කෝටි 100කට අධික දැවැන්ත VAT බදු (එකතු කළ අගය මත බදු) පැහැරහැරීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, කොළඹ මහ නගර සභාව විසින් රුපියල් 1,034,201,447.11 ක වැට් බදු පැහැර හැරීමක් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැනුම් දීමෙන් අනතුරුව අධිකරණ නියෝගයක් ද නිකුත් කර ඇත.

කොළඹ මහ නගරසභාව මෙසේ වැට් බදු ගෙවීම පැහැරහැර ඇත්තේ ඔවුන් සතුව බැංකු තැන්පතු වශයෙන් අතිවිශාල මුදල් ප්‍රමාණයක් තිබියදී බවද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *