කොළඹ ගං වතුර ප්‍රශ්නෙට විසඳුම් හොයනවා… අවතැන් ජනතාවට ප්‍රජාශාලා සූදානම්….! – පුරපතිනි බල්තසාර්….

October 22, 2025 at 10:47 am | by emanisa.lk

කොළඹ නගරයේ වැසි ජල ප්‍රශ්නය කළමනාකරණය කිරීම සඳහා සෙසු රාජ්‍ය ආයතනවල සහය ඇතිව වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව කොළඹ මහ නගර සභාවේ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් පවසයි.

අයහපත් කාලගුණ තත්ත්වයට මුහුණ දීම සඳහා මේ වන විටත් කොළඹ ප්‍රජා ශාලා සූදානම් කර ඇති බවත් මෙම ගැටලුව සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන විසඳුම් සහිත වැඩපිළිවෙළක් සකස් කරන බවත් හෙතෙම සඳහන් කරයි.

උතුරු කොළඹ සහ මැද කොළඹ නිරන්තරයෙන් වැසි ජල ගැටලුවට මුහුණ දෙන බවත් ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අවශ්‍ය සහාය කොළඹ මහ නගර සභාව ලබා දෙන බවත් ව්‍රායි කැලි බල්තසාර් වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *