කොස්දොස්තර නැති බස් එකෙනුත් 17500ක් ගහලා…!

August 7, 2023 at 3:00 pm | by emanisa.lk

කොන්දොස්තරවරුන් නොමැතිව අධිවේගී මාර්ගයේ ධාවනය කළ බස් රථයකින් දිනකට රුපියල් රු. 17,500ක් බැගින් සොරකම් කිරීමේ ජාවාරමක් අනාවරණය වී තිබේ.

මෙලෙස අල්ලාගනු ලැබුවේ ඇඹිලිපිටිය සිට අධිවේගී මාර්ගය ඔස්සේ මාකුඹුර බලා ධාවනය වන බස් රථ දෙකකි. මෙම වංචාව සිදුකර ඇත්තේ ලංගම ටිකට්පත් වෙනුවට ව්‍යාජ ටිකට්පත් නිකුත් කිරීම මගිනි.

මෙලෙසෙ අල්ලාගනු ලැබූ ඇඹිලිපිටිය මාකුඹුර බස් රථයක මගීන් 24 දෙනකු ගමන් කර ඇති අතර ඔවුන්ගෙන් 17 දෙනකුට හොර ටිකට්පත් නිකුත් කර ගසාකන ලද මුදල රු. 17595/- කි. බව අමාත්‍ය ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මෙලෙස අල්ලාගනු ලැබූ කොන්දොස්තරවරුන්ගේ වැඩ තහනම් කර හොර ටිකට් ජාවාරම ගැන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී දැඩි නීතිමය ක්‍රියාමාර්ගයක් ගනිමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *