කොරියානු E8 වීසා ගෙනාවේ මම පෞද්ගලිකව මැදිහත් වෙලා… ක්‍රියාත්මක කළොත් තව රැකියා දහස් ගාණක් ලැබෙනවා..! – මනූෂ….

November 26, 2024 at 10:45 am | by emanisa.lk

කොරියානු E8 වීසා ක්‍රමය මෙරටට හිමිවූයේ තමන් පෞද්ගලිකව කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස බව හිටපු කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පවසයි.

”මම පුද්ගලිකව ගිහිල්ලා මේ අයගෙන් ඉල්ලීමක් කළා මේ E-8 කියන වීසා කාණ්ඩය අපට ලබාදෙන්න කියලා. ඒ අනුව ඔවුන් ලංකාවටත් මේ E-8 වීසා කාණ්ඩය ලබා දීමට කටයුතු සූදානම් කළා.

ඒක ක්‍රියාත්මක වෙන්නේ ප්‍රාන්තවලින්. අපේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අපේ නගර සභාවකට හෝ පළාත් සභාවකට වෙනත් රටක් සමග ගිවිසුම් ගත වෙන්න බෑ.

ඒ නිසා ඒ රට අන්තිමේ දී එකඟ වුණා සමාන්‍ය මට්ටමේ එකඟතාවකින් බඳවා ගැනීම කරන්න අපි කළ ඉල්ලීමට සවන්දීමක් හැටියට. විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා එක්ව සහා පෞද්ගලික විදේශ සේවා ආයතන සමග එක්ක එම කාර්ය සිදුකිරීමට ඔවුන් එකඟ වුණා.

මෙම වීසා ක්‍රමය ක්‍රියාත්මක කළොත් අලුත් රැකියා දහස් ගණනක් ලබා ගන්න පුළුවන්. මේ අවස්ථාව මග නොහැර ගන්න ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *