කොතලාවල වෛද්‍යපීඨය වහන පැලවත්තේ අමන මරිමෝඩ තීන්දුව හකුළා ගනු…! – නලීන් බණ්ඩාර….

May 23, 2025 at 7:55 pm | by emanisa.lk

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයට දේශීය සිසුන්ට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි කිරීම අමන මරිමෝඩ තීන්දුවක් බවත් ඊට තමන් තරයේ විරුද්ධ වන බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.

රාජ්‍ය විශ්වවිද්‍යාල වරම් අහිමි වන සිසුන් 800ක් පමණ වෛද්‍ය අධ්‍යාපනය සඳහා විදෙස්ගත වන බවත් ඒ සමග අතිවිශාල ධනස්කන්ධයක් විදෙස් රටවලට ඇදී යන බවත් ඔහු පෙන්වා දෙයි.

කොතලාවල වෛද්‍ය පීඨය නිසා එලෙස රටෙන් ඉවතට යන ඩොලර් මිලියන 12ක් පමණ රටට ඉතිරි වන බව ද නලීන් බණ්ඩාර ප්‍රකාශ කරයි.

රාගම සහ සයිටම් වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව පාරට බැස ජවිපෙ සිදුකළ විනාශය නිසා කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වීමට අපට තිබූ අවස්ථාව මැලේසියාව, ඉන්දියාව වැනි රටවලට ගිය බවත් දැන් හෝ මේ අමන මරිමෝඩ පැලවත්තේ තීන්දුව ආපසු හරවා එම වරද නිවැරදි කරන ලෙසත් හෙතෙම ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

76 වසරක ශාපය වන්නේ පසුගිය සමයේ පැවති සියලු ආණ්ඩු ගැනීමට උත්සාහ කළ රට ඉදිරියට රැගෙන යන එවැනි තීන්දුවලට විරුද්ධ වූ ජවිපෙ බවත් රටේ ඉදිරි ගමනට යහපතක් වන කිසිම තීන්දුවකට එරෙහි නොවන විපක්ෂයක් ලැබී ඇති අවස්ථාවේ කොතලාවල වෛද්‍යපීඨය පමණක් නොව තව එවැනි වෛද්‍යපීඨ 10ක් විවෘත කර රටේ දියුණුවට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් නලීන් බණ්ඩාර අවධාරණය කරයි.

සජබ මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (23) පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *