කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට දේශීය සිසුන් බඳවා ගැනීම නතර කළේ තාවකාලිකව බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
“අපට දැනට තිබෙන රෝහල් පහසුකම් සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය අනුව අපි සීමාවාසික පුහුණුව ලබාදීම සම්බන්ධයෙන් යම් තීන්දුවකට එළඹිය යුතුව තිබුණා. සියලුම පීඨාධිපතිවරුන් කැඳවලා මමත් අගමැතිතුමියත් මේ ගැන සාකච්ඡා කළා.
කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට දේශීය සිසුන් බඳවා ගැනීම මීට වසර කිහිපයකට කලින් ඉඳන් කරමින් තමයි තිබුණේ. ඉතින් අපි තාවකාලිකව සතියකට දෙකකට පමණයි නතර කරලා තිබුණේ. කලින් කරගෙන ආපු ක්‍රමවේදය යළිත් ක්‍රියාත්මක කරන්න තමයි දැන් මේ තීන්දු අරගෙන තිබෙන්නේ.”
දැන් මේක නවත්තලා ආපහු ගන්න තීරණය කළේ මොකද ?
“තිබෙන තත්ත්වය සමාලෝචනය කරන්න ඕනෙ. කොතරම් කැඩෙට්ලා එනවද, කොතරම් විදේශ සිසුන් එනවද කියන එක සලකා බලන්න ඕනෙ. ඒ අනුව තමයි අලුත් තීරණයට එළඹුණේ. ඇත්තටම ඒක අපි අලුතින් ගත්ත තීන්දුවක් නෙවෙයි. තාවකාලිකව අපි සමාලෝචනය කළා. එතනින් පස්සේ පහුගිය කාලෙ සිදුවෙමින් පැවතුණ ක්‍රියාවලියම කොතලාවල විශ්වවිද්‍යාලයේ දිගට කරගෙන යන්න තමයි තීන්දුවක් ගත්තේ.”
අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව පැවසුවේ පෙරේදා (05) පස්වරුවේ පැවති ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.