කොටි ප්‍රහාරයකින් තුවාල ලැබූ හිටපු ඇමති මහින්ද දිවි සැරිය නිම කරයි…!

April 2, 2026 at 11:54 am | by emanisa.lk

දකුණේ ප්‍රබල දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර (83) අද (02) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

මාතර, ගොඩපිටියේ දී 2009 වසරේ එල්.ටී.ටී.ඊ සංවිධානය එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබීමෙන් අනතුරුව දීර්ඝ කාලයක් ඔහු රෝගාතුරව සිටියේය. මහින්ද විජේසේකර මහතා හිටපු අමාත්‍ය කංචන විජේසේකරගේ පියාය.

2008 වසරේ දී මහින්ද විජේසේකර මහතා තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ධුරය හෙබවූ අතර, 2001-2004 කාලයේ දී ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය ධුරය දැරීය. අවසන් වරට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු පැමිණි ඒ මහතා වසර 20කට අධික දේශපාලන ජීවිතය තුළ අමාත්‍ය ධුර කිහිපයක්ම හොබවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *