කොටි ඉවර කළ මට පාතාළේ ලොකු නෑ… ආණ්ඩුව වගකීම දුන්නොත් පාතාළෙත් ඉවර කරනවා….! – ෆීල්ඩ් මාර්ෂල්…

March 31, 2025 at 7:02 pm | by emanisa.lk

ජාතික ආරක්ෂාව පිළිබඳ රටේ ගැටලුවක් නැත ද මහජන ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් ඇතැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ආණ්ඩුව රටේ සාමකාමී වාතාවරණය ස්ථාපිත කිරීමට උත්සාහ කළ ද මෙතෙක් එය අසාර්ථක බව ද හෙතෙම කියයි.

රටේ දවසක් හැර දවසක් පාතාළ කල්ලි විසින් මිනී මරන තත්ත්වයක් උද්ගතව ඇති බවත් තාන්න මාන්න වරප්‍රසාද නොව නිසි බලතල ලබා දුනහොත් පාතාළය මර්දන වගකීම භාරගන්නා බව ද හිටපු යුද හමුදාපතිවරයා අවධාරණය කරයි.

තිස් දහසක ත්‍රස්ත කල්ලියක් දින වකවානු සඳහන් කර මර්දනය කළ තමන්ට 1000-1500ක ත්‍රස්ත කල්ලියක් මාස කිහිපයකින් මර්දනය කළ හැකි බව ද සරත් ෆොන්සේකා ප්‍රකාශ කරයි.

ඉදිරි මැතිවරණයේ දී ජාතික ජන බලවේග ආණ්ඩුව ජයග්‍රහණය කළ යුතු බව ද ඔහු වැඩි දුරටත් කීවේ උත්සව අවස්ථාවකට පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *