මෙයට පෙර ලොව බිහිසුණු ම කොටි ත්‍රස්තවාදය පැවැති යුගයේ එනම් 1991, 1994, 2005 සහ 2009 වසරවල දළදා ප්‍රදර්ශන පැවැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.
එවැනි බිහිසුණු පසුබිමක පවා දළදා ප්‍රදර්ශනයක කිසිදු ජීවිත හානියක් වාර්තා නොවූ බවයි, ගම්මන්පිල ප්‍රකාශ කරන්නේ.
එහෙත් මැතිවරණය ආසන්නයේ ආණ්ඩුවට නැති බෞද්ධකමක් ආරෝපණය කොට ඡන්ද ලබා ගැනීම සඳහා මෙවර සිදුකළ දළදා ප්‍රදර්ශනය අවසානයේ ජීවිත හයක් අහිමි වී 500කට අධික පිරිසක් රෝහල්ගත කළ බව ද ඔහු ප්‍රකාශ කරයි.
මෙවර දළදා ප්‍රදර්ශනය මහා ඛේදවාචකයක් වූයේ අධි ප්‍රචාරණය සහ සංවිධායකයන්ගේ දුර්වලතාව නිසා බව ද උදය ගම්මන්පිල අවධාරණය කරයි.
පිවිතුරු හෙළ උරුම පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව කීය.