අලුත්කඩේ ප්‍රහාරය දෙවන පාස්කු ප්‍රහාරයක්… බුද්ධි අංශ සියලු තොරතුරු කලින්ම දුන්නා…!

February 21, 2025 at 8:19 pm | by emanisa.lk

පසුගියදා අලුත්කඩේ අධිකරණ පරිශ්‍රෙය් සිදු වූ වෙඩි තැබීම පිළිබඳ සති කිහිපයකට පෙර රටේ බුද්ධි අංශ වාර්තා කර තිබූ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර පවසයි.

පාස්කු ප්‍රහාරය අවස්ථාවේ මෙන්ම එම බුද්ධි තොරතුරු අනුව ක්‍රියාත්මක වී නොමැති බව ද ප්‍රහාරය සිදුවන්නට ඉඩ හැර ඇති බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

අදාළ ප්‍රහාරය සැලසුම් කළ සිංහපුර දේවගේ ඉෂාරා සෙව්වන්දිගේ නම ද ඇතුළු සියලු තොරතුරු බුද්ධි අංශ වාර්තා කර තිබූ බවත් මෙය දෙවන පාස්කු ප්‍රහාරය බවත් රෝහණ බණ්ඩාර චෝදනා කරයි.

අධිකරණයට පැමිණ ප්‍රහාරය එල්ල කරවා අදාළ කාන්තාව පිටව ගොස් ඇති බවත් ආරක්ෂාවේ කප්පිත්තන් යැයි උදම් ඇනූ පිරිසට ඇගේ මයල් ගසක්වත් අල්ලා ගැනීමට හැකියාව ලැබී නොමැති බවත් ඔහු ප්‍රකාශ කරයි.

අද (21) පාර්ලිමේන්තුව අමතමින් රෝහණ බණ්ඩාර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *