ජනතා විමුක්ති පෙරමුණ හෙවත් ජාතික ජන බලවේග ජනරැලිවල විශාල සෙනගක් දැකගත හැකි බව සමගි ජන බලවේග අම්බලන්ගොඩ ආසන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා පවසයි.
එසේ ම තමන්ට විශාල ජන රැල්ලක් ඇතැයි විශාල වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.
කෙසේ වුව ද මැතිවරණයට පසු ඡන්ද ගණන් කිරීමේ දී ජනතා විමුක්ති පෙරමුණට මේ රටේ ඡන්ද ලැබුණේ 3%ක් පමණක් බවයි, ශාන් විජයලාල් ද සිල්වා ප්‍රකාශ කළේ.