කෙහෙළිය වැරදි නම් නලින්දත් වැරදියි… සෞඛ්‍ය ඇමතිට විශ්වාසභංගයක්…!

December 26, 2025 at 10:00 am | by emanisa.lk

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව සමඟි ජන බලවේග හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ පවසයි.

ඖෂධ ප්‍රශ්නයේදී හිටපු මැති කෙහෙළිය රඹුක්වැල්ල වැරදි නම් ඇමති නලින්ද ජයතිස්ස ද වැරදි බව ඔහු සඳහන් කරයි.

ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් අවසානයේ කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයාට වන්දි ගෙවීමට ද සිදුවනු ඇතැයි ඔහු ප්‍රකාශ කරයි.

ඒ අනුව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විපක්ෂයේ සෙසු කණ්ඩායම්වල සහය ලබා ගැනීමට ද නියමිත බව චරිත් අබේසිංහ ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *