කෙහෙල්බද්ද පද්මේ කොමාන්ඩො සලින්ද ඇල්ලූ කතා බොරු…!

July 12, 2025 at 3:33 pm | by emanisa.lk

පාතාළ නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ මැලේසියාවේදී අත්අඩංගුවට ගත් බවට පළ වන වාර්තා අසත්‍ය බව වාර්තා වෙයි.

කෙහෙල්බද්දර පද්මේ සහ ඔහුගේ සමීපතමයෙකු වන කොමාන්ඩෝ සලින්ද මැලේසියානු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පසුගියදා වාර්තා විය.

කෙසේ වුව ද කෙහෙල්බද්දර පද්මේ මෙරට මාධ්‍යෙව්දීන් කිහිප දෙනෙකු සමග අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශ කොට ඇත්තේ එය බොරුවක් බවයි.

ඔවුන් ඉතාම නිරුපද්‍රිතව සීත රටක වාසය කරන බව සඳහන් කර ඇති කෙහෙල්බද්දර පද්මේ අවධාරණය කර ඇත්තේ තමන් පාතාළයට පිවිසියේ සිය පියා ඝාතනයේ පළිය ගැනීමට පමණක් බවත් දැනට පාඩුවේ සිටින තමන්ට කිසිවෙකු පහර දීමට සූදානම් වුවහොත් ඊට ප්‍රතිචාර දක්වන බවයි.

පසුගියදා අලුත්කඩේ උසාවි පරිශ්‍රයේ දී ගණේමුල්ලේ සංජීව ඝාතනය කළේ කෙහෙල්බද්දර පද්මේ විසින් යෙදවූ කණ්ඩායමක් විසින් යැයි සඳහන් වෙයි. එම ඝාතනයට සම්බන්ධ වූ ඉෂාරා සෙව්වන්දි දැනට ඩුබායි රටේ සිටින බව ද කෙහෙල්බද්දර පද්මේ එම මාධ්‍ය සමග ප්‍රකාශ කොට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *