කෙහෙල්බද්දර පද්මෙලා ඇල්ලුවාම ඇතැම් දේශපාලකයන් කලබල වෙලා..! – නි. ඇමති මහින්ද ජයසිංහ…

August 30, 2025 at 4:27 pm | by Namal

වර්තමානයේදී දේශපාලනය සහ අපරාධ අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

වත්මන් රජය බලයට පත්වීමත් සමඟ එය බිඳ දැමීමට කටයුතු කර ඇති බවත්, ඒ හේතුවෙන් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට ඉඩ ලැබී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේදී ද කිසිදු දේශපාලන බලපෑමකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් එය සිදු කළ බවද හෙතෙම පෙන්වා දෙයි.

රටේ පොලීසියට දේශපාලන ඇඟිලි ගැසීම් සිදු නොකරන්නේ නම්, ඔවුන් කෙතරම් දක්ෂ නිලධාරීන් ද යන්න මෙම සිදුවීමෙන් පෙන්නුම් කරන බවත්, මෙම සිදුවීමත් සමඟ ඇතැම් දේශපාලනඥයන්ද කලබලයට පත්ව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *