සිය පක්ෂය ඉතාම කෙටි කලකින් ලබා ගත් ජයග්රහණය ඉතාම සුවිශේෂ බව සර්වජන බලය පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර පවසයි.
මේ වන විට ජාතික ලැයිස්තු මන්ත්රි ධුර සඳහා සිදුවන සටන දුටු විට මෙම ජයග්රහණයේ වටිනාකම දෙගුණ තෙගුණ වන බවයි, ඔහු සඳහන් කළේ.
සිය පක්ෂය සෙනෙහසේ සහ ආදරයේ ශ්රී ලාංකක ප්රකාශනය බව ද දිලිත් ජයවීර අවධාරණය කරයි.
අද (21) පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වීමෙන් අනතුරුව සර්වජන බලය පක්ෂ කාර්යාලයේ පැවැති පිළිගැනිමේ උත්සව අවස්ථාව අමතමින් ඔහු මේ බව කීය.