දෙහිවල –ගල්කිස්ස සෞඛ්‍ය පරිපාලන නිලධාරියෙකු යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙකුක එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් දිවි ගලවා ගෙන තිබේ.
ඊයේ (24) පෙරවරුවේ එල්ල කළ මෙම ප්‍රහාරයෙන් මෙම නිලධාරියා ගැලවී ඇත්තේ ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම නිසාය. ප්‍රදේශයේ පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල වූ බව විශ්වාස කෙරෙයි.
මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම හෝ වෙනත් අපරාධවලට සම්බන්ධ පුද්ගලයකු නොවන බවට පොලිසිය මූලික විමර්ශනයේදී හඳුනාගෙන ඇති අතර මෙම වෙඩි තැබීමට හේතුව ඔහු පෙර කී පාතාල කණ්ඩායම් දෙකෙන් එකක ඔහු ඥාතියකු වීම බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
වෙඩි ප්‍රහාරයට ඉලක්ක වූ ගිය පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ මහ පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන දැනට විදේශගතව සිටින සමන්ත පෙරේරා නොහොත් චූවා සමන්ත නමැත්තාගේ සහෝදරියගේ පුත්‍රයා බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.