කුලපතිකමට මගේ සුදුසුකම් ජනාධිපතිගෙන් අහන්න…! හෙද සභාපතිකමින් අයින් වෙන්න නම් විදිහක් නෑ…! – මුරුත්තෙට්ටුවේ හිමි…

November 11, 2021 at 7:43 am | by emanisa.lk

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය භාර ගැනීමට පෙර ම තමාගේ නිදහස අවශ්‍ය බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංගට දැනුම් දුන් බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

කුලපති ධූරයක් හිමි වුව ද එක්සත් හෙද සංගම් සභාපති ධූරයෙන් සමු ගැනීමට හැකියාවක් නොමැති බවත් ඒ සඳහා හෙද සංගමයේ අනුමැතිය මෙතෙක් ලැබී නොමැති බවත් උන් වහන්සේ පවසති.

කුලපති ධූරය දැරීමට තමන්ට ඇති සුදුසුකම් මොනවා දැයි විමසා බැලිය යුත්තේ ජනාධිපතිවරයාගෙන් බවත් තා එම ධූරයට පත්කර ඇත්තේ ඔහු විසින් බවත් මුරුත්තෙට්ටුවේ හිමි අවධාරණය කරයි.

කුලපති ධූරයක් දැරීම සඳහා සුදුසුකම් කිසිවක් නොමැති බවත් එවැනි සුදුසුකම් ඇත්නම් පහදා දෙන ලෙසත් එහිමියෝ පවසා සිටියේ ස්වාධීන රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස