කුරුඳු සිගරට්ටුවට විරුද්ධ දුම්කොළ සමාගමේ ගෝළයෝ…! වඩා හානිකර දෙයක් වෙනුවට හානිය අඩු දෙයක් හඳුන්වා දීම වරදක් ද? – විමල්….

March 26, 2021 at 3:36 pm | by emanisa.lk

කුරුඳු දුම්වැටිය ගැන ඇතැමුන්ගේ කලබල වීම මගින් පෙනෙන්නේ තම කාර්ය සාර්ථකත්වය බව ඇමැති විමල් වීරවංශ සඳහන් කරයි.

කුරුදු ආශ‍්‍රිත නිෂ්පාදනයට කලබල වී ඇත්තේ දුම්කොල සමාගමට විකිණුනු අය බව පවසන ඇමැතිවරයා කුරුඳු දුම්වැටිය සම්බන්ධයෙන් ඔ්නෑම අයෙකුට අධිකරණයට යා හැකි යයිද පැවසීය.

‘යම් කිසි දෙයක් කටේ තියාගෙන ඉන්න එක නරක ආදර්ශයක්ද’ යයිද ප‍්‍රශ්න කළ ඇමතිවරයා වඩා හානිකර දෙයකින් අඩු හානිකර දෙයකට පෙළඹවීම වරදක්දැයි ප්‍රශ්න කළේ ය.

උත්සවයකින් පසු මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *