කුරුන්දි විහාර ඉඩම් දෙන්න බෑ කී පුරාවිද්‍යා අධ්‍යක්ෂට ගෙදර යන්න වෙයි..!

June 10, 2023 at 4:50 pm | by emanisa.lk

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ඉල්ලා අස්වීමට සූදානම් වන බව වාර්තා වෙයි.

මුලතිව් ඓතිහාසි කුරුන්දි විහාරයේ පුරාවිද්‍යා භූමියට අයත් ඉඩම් කොටසක් නිදහස් කිරීම පිළිබඳ ඇති වූ ගැටලුවක් මෙයට හේතු වී තිබේ.

එම පූජා භූමියට අක්කර 200ක් පමණ අයත් අතර ඉන් අක්කර 05ක පමණ කුඹුරු ඉඩමක් නිදහස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දී තිබේ.

පුරාවිද්‍යා පනත අනුව එය කළ නොහැකි බව පුරාවිද්‍යා කොමසාරිස්වරයා එහි දී දැනුම් දී තිබේ. ඒ පසුගියදා (08) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී ය.

මේ අවස්ථාවේ ජනාධිපතිවරයා පවසා ඇත්තේ තම නියෝග ක්‍රියාත්මක කළ නොහැකි නම් ඉල්ලා අස්වන ලෙසය. මේ අනුව එළඹෙන 15 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්රයා ඉල්ලා අස්වීමට නියමිතය.

මුලතිව් කුරුන්දි විහාර භූමියේ පිහිටි මෙම කුඹුර නිදහස් කර ගැනීම සඳහා බලපෑම් කරන්නේ වර්ගවාදී දෙමළ දේශපාලන පක්ෂ බවට තොරතුරු වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *