කුරුන්දි විහාර ඉඩම් කැබිනට් මණ්ඩලයටවත් බෙදන්න බෑ…! – එල්ලාවල මේධානන්ද හිමි…

June 18, 2023 at 3:35 pm | by emanisa.lk

පුරාවිද්‍යා නටබුන් සහිත භූමියක් වෙනත් යම්කිසි කටයුත්තකට නිදහස් කිරීම පුරාවිද්‍යා පනතට අනුව නීතිවිරෝධී බව පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.

මේ විහාරය උතුරේ ඉතා වැදගත් ස්මාරකයක් බවත් එහි මායිම් මැන ගැනීමට වංශ කතාවල සඳහන් කරුණු උපකාරී කරගත හැකි බවත් පැවසූ උන්වහන්සේ පළමුවැනි අග්බෝ රජු තුන් යොදුන් පොල් වත්තක් කුරුන්දි විහාරයට ලබා දී තිබෙන බවත් කීහ.

විහාරයේ නඩත්තුව සඳහා සේවකයන් 100 දෙනකු එවකට රජවරු පත්කර සිටි බව ඉතිහාසයෙන් හෙළිවන බවත් එල්ලාවල හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

කැබිනට් මණ්ඩලය තීරණය කළ පමණින් මෙබඳු දේපළක් අත්පත් කර ගැනීමට බැරි බවත්, රටේ උරුමය විනාශ වුවහොත් ඒවා නැවත ප්‍රතිනිර්මාණය කළ නොහැකි බවත් පැවසූ උන්වහන්සේ කුරුන්දි විහාරය මෙන්ම උතුරු නැඟෙනහිර සියලු පුරාවිද්‍යා ස්ථාන රැකගැනීම ආණ්ඩුවේ වගකීමක් බවද පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *