කුඹුරේ වවන අනෙකුත් භෝගවලටත් පොහොර සහනාධාරේ දෙනවා…! – ජනපති….

March 29, 2025 at 6:20 pm | by emanisa.lk

වී ගොවිතැනට පමණක් නොව මෙවර යල කන්නයේ දී කුඹුරේ වගා කරන අනෙකුත් භෝග සඳහා ද පොහොර සහනාධාරය ලබා දීමට තීරණය කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

“අපි දැන් සති තුනකට කලින් කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තා. මෙතෙක් පොහොර සහනාධාර ලබා දුන්නේ වී ගොවිතැනට විතරයි. හැබැයි කුඹුරේ වගා කරන අතිරේක බෝග සඳහාද අපි පොහොර සහනාධාර ලබා දෙනවා.

අපි පොරොන්දු වුණා ඇප නැතිව ණය ගන්න පුළුවන් ක්‍රමයක් හදනවා කියලා. අපි ඒක දැන් හදලා තියෙනවා. තරුණ ව්‍යවසායකයෙකුට තමන්ගේ ව්‍යවසායක සැලසුම පෙන්නලා කර්මාන්ත අමාත්‍යංශය එක්ක එකාබද්ධ වෙලා සහතිකයක් ගන්න පුළුවන්. ඔබට ඇපයක් අවශ්‍ය වෙන්නේ නෑ ණය මුදලක් ගන්න පුළුවන් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න.”

ජාතික ජන බලවේගය විසින් පළාත් පාලන ඡන්දය වෙනුවෙන් බෙලිඅත්ත ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *