කුඹුරට එන පළිබෝධකයන් මඩින මෙහෙයුම ඉදිරියටම…. අලි තුන්සීයක් ගමන් කරන අම්පාරේ අලිමංකඩ මැදට වී මෝලක්…!

November 6, 2026 at 2:12 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරයේ ලේ එවක ආණ්ඩුවේ නායකයන්ගේ දෑත්වල ගෑවුණු ආකාරයටම කාවන්තිස්ස ඇතාගේ ලේ අනුර දිසානායක, කේ.ඩී. ලාල්කාන්ත, පරිසර ඇමති ධම්මික පටබැඳි ආදීන්ගේ දෑත්වලද තැවරී ඇතැයි සජබ කළුතර දිස්ත්‍රික් සංවිධායක, පරිසරවේදී නයනක රන්වැල්ල පවසයි.

එවැනි විනාශයක් කළ ආණ්ඩුව මේ වන විට අම්පාරේ අලි තුන් සියයක් මාරුවන අලිමංකඩක වී මෝලක් ඉදිකිරීමට කටයුතු කරමින් ඇතැයිද ඔහු චෝදනා කරයි.

දැයට කිරුළ වැඩසටහන එහි පැවැත්වීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සූදානම් වූ අවස්ථාවේ මේ තත්ත්වය පැහැදිලි කළ විට එම වැඩසටහන නතර කර දැමූ බවද නයනක රන්වැල්ල ප්‍රකාශ කරයි.

එහෙත් වර්තමාන ආණ්ඩුව යටතේ එම අලිමංකඩ මැද හාල් මෝලක් ඉදිකරමින් ඇතැයිද මේ නිසා එම අලිමංකඩ වැසීමෙන් අතිවිශාල පාරිසරික සංහාරයක් සිදුවන බවද ඔහු අවධාරණය කරයි.

පරිසරවේදී නයනක රන්වැල්ල මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවක් කැඳවමිණි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *