බාල ගල් අඟුරු ගෙන්වීම පිළිබඳ විමර්ශන අවසන් වන තුරු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුව සූදානම් නැති බව ජාතික ජන බලවේග මහ ලේකම් නිහාල් අබේසිංහ පවසයි.
ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු ගෙන්වීමේ චෝදනාව පිළිබඳ විමර්ශන අවසන් වන තුරු කුමාර ජයකොඩි ධුරයෙන් ඉවත් කරන ලෙස විපක්ෂය ඉල්ලා සිටියි.
මහ ලේකම් නිහාල් අබේසිංහ පවසන්නේ ගල් අඟුරු ආනයනයේදී වංචාවක් සිදුව නොමැති අතර අතපසුවීමක් සිදුව ඇති බවයි.