ශ්‍රී ලංකාව දිට්වා කුණාටුව වැනි දරුණු ආපදාවකට මුහුණපෑව ද 2030 වන විට සිය දළ ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 300 සීමාවට රැගෙන යෑමේ හැකියාව ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර පවසයි.
ඊයේ (29) කොළඹ පැවති උත්සව අවස්ථාවක් අමතමින් ලේකම්වරිය මේ බව ප්‍රකාශ කළාය.
ජාතික ආර්ථිකයට දැඩි බලපෑමක් කළ දිට්වා කුණාටුවේ ඍජු බලපෑමට 500කට අධික අපනයනකරුවන් මුහුණපෑව ද මේ වසරේ ඩොලර් බිලියන 18ක අපනයන ඉලක්කයක් සපුරාගත හැකි වනු ඇතැයි ද ඇය සඳහන් කළාය.
ඩොලර් බිලියන 94.94ක වන ලංකාවේ වත්මන් දළ ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 300 දක්වා ඉහළ නැංවීමට මේ වන විටත් පදනම සකසා අවසන් බවත් තිලකා ජයසුන්දර වැඩි දුරටත් ප්‍රකාශ කළාය.
dailymirror