කුණාටුව සැරයි…. නැව ගිලෙන්න ළඟයි…. රත්න ශ්‍රී විජේසිංහත් පනියි…!

July 30, 2026 at 10:58 am | by emanisa.lk

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයෙන් ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ ඉල්ලා අස්වී තිබේ.

ඔහු මේ වන විටත් සිය ඉල්ලා අස්වීමේ ලිපිය අදාළ බලධාරීන් වෙත යොමු කර ඇති අතර එම ඉල්ලා අස්වීම ලබන අගෝස්තු මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇත.

ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා වේදිකාවට පැමිණි කලාකරුවන් අතර රත්න ශ්‍රී විජේසිංහ ඉදිරියෙන්ම සිටියේය. ඔහුගේ දියණිය වන සම්මානි විජේසිංහද මාලිමාවට සහයෝගය දැක්වූ අතර නොබෝ කලකින්ම සිය තීන්දුව පිළිබඳ ප්‍රසිද්ධියේ කනගාටුව ප්‍රකාශ කළාය.

රත්න ශ්‍රී විජේසිංහ මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයට පත් කරනු ලැබුවේ පසුගිය 2024 වසරේ දෙසැම්බර් මස 16 වැනිදාය. ඔහු මෙලෙස හදිසියේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

හොරණ පැවති සාහිත්‍ය උත්සව දේශනාවක් සඳහා පැමිණි රත්න ශ්‍රී විජේසිංහට පානය කිරීමට සූදානම් කළ වතුර වීදුරුවට එහි සිටි සංවිධායකවරයෙකු කෙළ ගැසූ බවට ඉතාම අප්‍රසන්න ජුගුප්සාජනක ප්‍රවෘත්තියක් මාස කිහිපයකට පෙර සමාජ මාධ්‍යවල දැඩි ආන්දෝලනයක් ඇති කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *