කුණාටුව ගැන කාලගුණේ 25 උදේ අනතුරු ඇඟවීම් කළා… අපි ලවුඩ්ස්පීකර් බැඳං ගම වටේ ගියා…සමහරු කියන දේ ඇහුවේ නෑ…! – ඇමති ආනන්ද විජේපාල….

December 5, 2025 at 12:43 pm | by emanisa.lk

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය 25 වෙනි දින උදෑසන 10.30ට සුළි කුණාටුව පිළිබඳ අනතුරු ඇඟවීම සිදුකළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

එතැන් සිට රජයක් ලෙස ගතයුතු සියලු විධිවිධාන ආණ්ඩුව ගෙන ඇති බව ද ඇමතිවරයා අවධාරණය කරයි.

පොලිසිය සහ ප්‍රාදේශීය සභා නියෝජිතයන් එක්ව ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගෙන බොහෝ පෙදෙස්වල කණ්ඩායම් ඉවත් කළ බව ද ඔහු පෙන්වා දෙයි.

පිරිසක් සිය කැමැත්තෙන් සිය වාසස්ථානවල රැඳී සිටිය ද අනතුරු ඇඟවීම ලද විගස රජයක් ලෙස ගතහැකිව තිබූ උපරිම ක්‍රියාමාර්ග ගත් බව ද ඇමති ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.

ඇමතිවරයා මේ බව සඳහන් කළේ අද (05) පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *