කුණාටුව ගැන ආණ්ඩුවට නොකී විපක්ෂෙට නඩු දාන්න ඔ්න….! – නි. ඇමති මහින්ද ජයසිංහ…

December 7, 2025 at 6:35 pm | by emanisa.lk

සුළි කුණාටුවක් එන බව දැන දැන දින 14ක් තිස්සේ නිහඬව සිට විපක්ෂය විශාල වරදක් කර ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

“ඒගොල්ලෝ කියනවා නෙ දැන් 12 වෙනිදා අනතුරු ඇඟෙව්වා කියලා. එම අනතුර වළක්වා ගැනීමේ ප්‍රධාන වගකීම ආණ්ඩුවට තියෙනවා, වගේම විපක්ෂේ කියන්නේත් මේ රටේ ජනතාවගේ ඡන්දෙන් බලයට පත්වෙච්චි ජනතාවට වගකියන මහජන නියෝජිතයෝ.

ඒ මහජන නියෝජිතයෝ 12 වෙනිදා ඉඳලා 24 වෙනිදා වෙනකල් දවස් 14ක් එහෙම අනතුරක් වෙනවා කියලා දැන දැන ඇයි සද්ද නැතිව හිටියේ. අපි දන්නේ නෑනේ. අපට ආණ්ඩුවක් විදිහට තොරතුරු ලැබිලා නෑ. ඒ දැනගත් අය ඒක රටට නොකීම තුළ ආණ්ඩුවට ඒක අවධාරණය නොකිරීම තුළ වැඩිම වරද කරල තියෙන්නේ ඔවුන්.

එහෙනම් නඩු දාන්න ඕන ආණ්ඩුවට නෙමෙයි, විපක්ෂෙට. විපක්ෂේ තමයි දවස් 14ක් මේක සඟව ගෙන හිටියේ. අපට උපකල්පනය කරන්න වෙනවා විපක්ෂ දැවැන්ත විනාශයක් වෙනතුරු නිහවඬ හිටියා කියලා.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *